ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරයා මතීෂ: ශූරිය නෙත්මි
ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය සංවිධාන කළ 36 වැනි ජාතික කනිෂ්ඨ ස්කොෂ් තරගාවලියේ බාලක ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විදුහලේ මතීෂ විජේසේකර සමත් වූ අතර, බාලිකා ශූරතාව කාන්තා විදුහලේ නෙත්මි වික්‍රමසිංහ හිමිකර ගත්තාය.
රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් සංකීර්ණයේ පැවති අවුරුදු 19න් පහළ බාලක අවසන් තරගයේදී මතීෂ හමුවේ රාජකීය විදුහලේම තරුල් පින්වත්ත 11/4, 11/7ක් සහ 11/7ක් ලෙස පරාජයට පත්විය. බාලිකා අවසන් තරගයේදී නෙත්මි හමුවේ ලින්ඩ්සේ බාලිකාවේ රන්ලියා වුඩ් පරාජය වූවාය. තරගාවලියේ නැගීඑන ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගැනීමට රාජකීය විද්‍යාලයේ කේමිත හපුආරච්චි සමත් වූ අතර, ඔහු අවුරුදු 17න් පහළ අනුශූරතාව සහ 19න් පහළ සිවුවැනි ස්ථානය දිනාගෙන තිබිණි. ගේට්වේ ජාත්‍යන්තර පාසලේ චනුමි නිම්තාරා තෙබුවෙන අවුරුදු 15න් පහළ ශූරතාව සහ 17න් පහළ සිවුවැනි ස්ථානය දිනා ගනිමින් නැගීඑන ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තාය.
ගේට්වේ ජාත්‍යන්තර පාසලේ මනුත් දසනායක අවුරුදු 17න් පහළ සහ 15න් පහළ ශූරතා ද්විත්වයම හිමිකරගත් අතර, ශාන්ත පාවුළු බාලිකාවේ ඉෆ්රා බූසෝ 17න් පහළ බාලිකා ශූරතාව හිමිකර ගත්තාය.
අවුරුදු 13න් පහළ බාලක ශූරතාව ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ අකානේ කෝනාරාට හිමිවූ අතර, බාලිකා ශූරතාව සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ දිනෙත්මා මිහේලි සතු වූවාය.


