ආසියානු කුසලානයේදී ඇෆ්ගනිස්ථානයේ සුක්කානම රෂීඩ් ඛාන්ට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මෙහෙයවීමේ වගකීම රෂීඩ් ඛාන්ට හිමිවී ඇත.
නූර් අහමඩ්, මුජිබර් රහ්මාන්, ඒ.එම් ගසන්ෆාර් සහ මොහොමඩ් නබි යන ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ප්‍රබල දඟ පන්දු යවන්නන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඇෆ්ගනිස්ථානය ආසියනු කුසලානය වෙනුවෙන් නම්කර ඇත.
ඇෆ්ගනිස්ථානය 2025 ආරම්භයේ සිට එකදු විස්සයි20 ජාත්‍යන්තර තරගයක් හෝ ක්‍රීඩා කර නොමැති අතර පෙබරවාරි මාසයේ පැවති චැම්පියන්ස් කුසලානයෙන් පසු කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර නොමැත.
පසුගිය 2024 දෙසැම්බර් මාසයේදී හරාරේහිදී සිම්බාබ්වේට එරෙහිව විස්සයි 20 ජාත්‍යන්තර තරග තුනක් පමණක් ක්‍රීඩා කර ඇති අතර, එම තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්ථානය සමත් විය . ආසියානු කුසලානයට පෙර ඔවුන් සාජාහිදී සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ පාකිස්තානයට එරෙහිව තුන්කොන් විස්සයි20 ජාත්‍යන්තර තරගාවලියකට ක්‍රීඩා කිරීමට නියමිතය.


