ක්රීඩිකාවන්ට ජාන පරීක්ෂණ අනිවාර්ය කරයි
ලෝක මට්ටමේ මලල ක්‍රීඩා තරගාවලි සඳහා ක්රීඩිකාවන් සහභාගි කරවීමට පෙර එම ක්රීඩිකාව උපතින්ම කාන්තාවක්දැයි ස්ථිරව සොයා ගැනීම පිණිස ජාන පරීක්ෂණයක් සිදු කොට එහි රහස්‍ය වාර්තාවක් ලෝක මලල ක්‍රීඩා ආයතනය වෙත එවිය යුතු බවට සියලු රටවල මලල ක්‍රීඩා සංගම් වෙත අනිවාර්ය කොට ඇත.
ඒ අනුව එහි පළමු පියවර ලෙස ලබන මස 13 වැනිදා සිට 21 දක්වා ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්රීඩිකාවන්ට මේ ජාන පරීක්ෂණය පවත්වා එහි වාර්තාව ලෝක මලල ක්‍රීඩා ආයතනය වෙත ලබාදිය යුතුව ඇත.
ලෝක මලල ක්‍රීඩා ආයතනයේ මේ දැනුම්දීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සූදානම් බවත්, ජපානයේ ටෝකියා නුවර පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්රීඩිකාවන් දෙදෙනාගේ පරීක්ෂණ වාර්තා දැනටමත් සූදානම්කොට ඇත.