ශ්‍රී ලංකාවට බැඩ්මින්ටන් පදක්කම් 27ක්
භූතානයේ පැවති 4 වන දකුණු ආසියානු කලාපීය බැඩ්මින්ටන් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්රීඩිකාවෝ රන් පදක්කම් 17ක්, රිදී පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගනිමින් සමස්ත තරගාවලියේ පදක්කම් 27ක් දිනා ගත්හ.
එහිදී විරේන් නෙත්තසිංහ, රනිත්මා ලියනගේ, නෙත්මි රත්නායක සහ නිතිනි ගුරුගේ රන් පදක්කම් ත්‍රිත්වය බැගින් දිනා ගැනීම කැපී පෙනිණි.
දකුණු ආසියාවේ රටවල් 4ක ක්‍රීඩක සහභාගිත්වයෙන් මේ තරගාවලිය භූතානයේ තිම්පු නුවර පැවැත්විණි. ක්‍රීඩක ක්රීඩිකාවන් 12 දෙනකුගෙන් සමන්විතවූ ජයග්රාහී ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළෙන් යළි මෙරටට පැමිණියේය.


