leadsportz

ශ්‍රී ලංකා - එංගලන්ත එක්දින තරග කාලසටහන මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සීමිත පන්දුවාර තරගාවලියක් සඳහා එළැඹෙන වසරේ සැප්තැම්බර් මස එංගලන්තයේ තරග සංචාරයක නිරත වීමට නියමිතය.

තරගාවලියට විස්සයි විස්ස සහ එක්දින තරග 3 බැගින් ඇතුළත් වේ.

සවුත්හැම්ප්ටන්, කාඩිෆ් සහ මැන්චෙස්ටර් හිදී පිළිවෙළින් 2026 සැප්තැම්බර් 15, 17 සහ 19 දිනවල විස්සයි විස්ස තරග පැවැත්වීමට නියමිත‍ය. අනතුරුව සැප්තැම්බර් 22, 24 සහ 27 දිනවලට යෙදී ඇති එක්දින තරග ඩර්හැම්, ලීඩ්ස් සහ ලන්ඩන්වලදී පැවැත්වෙනු ඇත.

Scroll to Top