leadsportz

ක්‍රීඩා සතිය 26දා ඇරඹෙයි

ක්‍රීඩා අමා­ත්‍යාං­ශය හා ක්‍රීඩා සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව එක්ව සංවි­ධාන කරන ක්‍රීඩා සතියේ පළමු තරග අදි­යර ලෙස ‘ක්ලීන් ශ්‍රී ලංකා පාපැදි රැලිය’ හෙට (26) රීඩ් පෙදෙස ක්‍රීඩා අමා­ත්‍යාං­ශය අස­ලින් ආරම්භ වේ.

වයස අවු­රුදු 8න් ඉහළ දෙස් – විදෙස් ක්‍රීඩක ක්‍රීඩි­කා­වන්ට සහ­භාගි විය හැකි මේ පාපැදි සවා­රියේ උප­රිම දුර කිලෝ­මී­ටර් 100ක් වන අතර, කිලෝ­මී­ටර් 50, කිලෝ­මී­ටර් 25, කිලෝ­මී­ටර් 10 සහ කිලෝ­මී­ටර් 5ක දුරක් වුවද තම අභි­ම­තය පරිදි ධාව­නය කිරී­මට අව­ස්ථාව සලසා ඇත.

ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහ­තාගේ සංක­ල්ප­ය­කට අනුව ක්ලීන් ශ්‍රී ලංකා වැඩ­ස­ට­හන සමඟ එක්ව මේ ක්‍රීඩා සතිය පැවැ­ත්වෙන අතර, ටොරි­න්ටන් පෙදෙ­සේදී හෙට පස්වරු 3.30ට පාපන්දු තර­ග­යක්, පස්වරු 4ට ජිම්නා­ස්ටික් තරග, පස්වරු 5ට කරාතේ හා වුෂූ සංද­ර්ශන පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇත. අනිද්දා (27) දින පස්වරු දෙකේ සිට නෙට්බෝල්, වොලි­බෝල්, බාස්ක­ට්බෝල්, රෝද සපත්තු සංද­ර්ශ­න­යක්, අංග­ම්පෝර හා හොකී තරග පැවැත්වේ.

ක්‍රීඩා සති‍යේ සමා­ප්තිය සට­හන් කරන 31 වැනිදා පස්වරු 4ට යෝගා හා ව්‍යායාම් සංද­ර්ශ­න­යක් පැවැ­ත්වෙන අතර, නිවෙසේ සිට තනිව ව්‍යයාම් සිදු කිරීමේ පහ­සුව පිණිස විශේ­ෂඥ දැනුම ඇති පිරි­සක් සකස් කරන ලද වීඩි­යෝ­වක් හඳු­න්වා­දීම ද සිදු කෙරේ.

Scroll to Top