leadsportz

පරාජය වූ ශ්‍රී ලංකා දැල්පන්දු පිලට තවත් අවස්ථාවක්

දකුණු කොරියාවේ ජියොන්ජු හි පැවැත්වෙන ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදුණු මූලික වටයේ අවසන් තරගයේදී සිංගප්පූරු කණ්ඩායම හමුවේ ලකුණු 19-62ක් ලෙස පරාජයට පත් වීමට ශ්‍රී ලංකා පිලට ඊයේ (1 වැනිදා) සිදු විය. එසේ වුවද යම් හෙයකින් හෙට (3 වැනිදා) පැවැත්වෙන අවසන් පූර්ව තරගය ජයගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මහා තරගයට තරග වැදීමේ අවස්ථාව හිමි වනු ඇත.

මේ අනුව ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයේදී නැවත වරක් මැලේසියාව සමග තරග වැදීමට නියමිත අතර, එයින් ජයගතහොත් ශ්‍රී ලංකාවට අවසන් තරග වරම් හිමිවන බව එරට සිටින ශ්‍රී ලංකා නියෝජිතයින් වෙතින් වාර්තා විණි.

අද තරගයේදී සිංගප්පූරු ක්‍රීඩිකාවෝ ප්‍රථම කාර්තුවේ සිට ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වූ අතර ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් වෙත කිසිදු අවස්ථාවක සාර්ථකවීමට ඔවුහු ඉඩ නොදුන්හ. තරගයේ ප්‍රථම කාර්තුවේ ලකුණු 17-3ක් , දෙවැනි කාර්තුවේදී ලකුණු 14-4ක් සහ තෙවැනි කාර්තුවේ ලකුණු 16-4ක් බැගින් රැස් කළ අතර සිව්වැනි කාර්තුවේ ලකුණු 15-8ක් ලෙස ලකුණු රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සිංගප්පූරු කණ්ඩායම සමත් විය.

Scroll to Top