ලෝක කුසලානයට SSC පිටිය හැඩවෙයි
එළැඹෙන පෙබරවාරි 7 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු හා නව විදුලි ආලෝක ධාරා පද්ධතිය වෙනුවෙන් රුපියල් කෝටි 175කට අධික මුදලක් වැය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය පෙබරවාරි 7 වැනිදා පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර එස්එස්සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර, තවත් තරග පහක් එස්එස්සී පිටියට ලැබී ඇත.
එස්එස්සී ක්‍රීඩාංගණයේ සිදුවන නවතම සංවර්ධන කටයුතු පිළිබඳව මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගියදා නිරීක්ෂණ චාරිකාවක් සංවිධාන කළ අතර, එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද මහතා සඳහන් කළේ සියලු ඉදිකිරීම් මේ මස 20 වැනි දින වන විට අවසන් කිරීමට කටයුතු යොදා ඇති බවය.


