ශ්‍රී ලංකා කණ්ඩායමට නව පිතිකරණ පුහුණුකරුවෙක්
එළැඹෙන ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය පිතිකරු වික්‍රම් රාතෝර් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
ඒ අනුව ඔහු ලබන සතියේදී නිල වශයෙන් කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බව ක්‍රිකට් ආයතනය සදහන් කරයි.
56 හැවිරිදි වික්‍රම් රාතෝර්, 2021 වසරේ සිට 2024 වසර දක්වා ඉන්දීය ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළේය.
ඔහු මේ වන විට අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙසද කටයුතු කරයි.


