ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා පාකිස්තාන කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම සහභාගී නොවන බව වාර්තා වෙයි.
ඒ ඔවුන් ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් තරගාවලියට සහභාගී වීම හේතුවෙන්ය.
ඒ අනුව බාබර් අසාම්, ශහීන් අෆ්රිඩි, හැරිස් රවුෆ් සහ මොහොමඩ් රිස්වාන් යන ක්‍රීඩකයින් මෙලෙස ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා එක් නොවන බව වාර්තා වෙයි.
මේ හේතුවෙන් නවක ක්‍රීඩකය කවාජා නෆායි, ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන විස්සයි20 තරගාවලියට නම් කළ 15 දෙනෙකුගෙන් සමන්විත පාකිස්තාන සංචිතයට ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියේ පළමු තරගය ජනවාරි මස 07 වැනිදා දඹුල්ලේ දී පැවැත්වීමට නියමිතයි.
පකිස්තාන සංචිතය: සල්මන් අලි අගා (නායක), අබ්දුල් සමද්, අබ්‍රාර් අහමඩ්, ෆහීම් අෂ්රෆ්, ෆකාර් සමාන්, ඛවාජා නෆේ, මොහොමඩ් නවාස්, මොහොමඩ් සල්මන් මිර්සා, මොහොමඩ් වසීම් ජූනියර්, නසීම් ෂා, සාහිබ්සාදා ෆර්හාන්, සයිම් අයුබ්, ෂඩාබ් ඛාන්, උස්මාන් ඛාන්, උස්මාන් තාරික්


