leadsportz

ආසියානු ක්‍රිකට් පිටියෙන් මතු වූ ශ්‍රී ලංකාවේ නැඟී එන තරුව – ට්‍රෙවින් මැතිව්

ආසි­යාවේ නැඟී එන ක්‍රීඩ­ක­යන් වෙනු­වෙන් පැවැති ‘ආසි­යානු කුස­ලාන නැගී එන තරු’ විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය පසු­ගි­යදා කටාර් රාජ්‍ය­යේදී නිමා­වට පත් වූයේ පාකි­ස්තා­න­යට කුස­ලා­නය හිමි කර දෙමිනි. ආසි­යානු ක්‍රිකට් කවු­න්සි­ලය සංවි­ධාන කළ මේ තර­ගා­ව­ලි­යේදී අන්ත­ර්ජා­තික ක්‍රිකට් පිටි­යට නැඟී එන තරු රැසක් බිහි වීම කැපී­පෙනේ. අව­සන් තරග වරම් අහිමි වූවත් දුනිත් වෙල්ලා­ලගේ නාය­ක­ත්වය දුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩ­යමේ ක්‍රීඩ­ක­යන් කිහිප දෙනෙක්ද එහිදී කැපී­පෙ­නෙන දස්කම් දැක්වී­මට සමත් වූහ. ඒ අතු­රින් දකු­ණත් පිට­දඟ පන්දු යවන ක්‍රීඩක 21 හැවි­රිදි ට්‍රෙවින් මැතිව් ඉදි­රි­යෙන්ම සිටී. තරග 3ක් පම­ණක් ක්‍රීඩා කළ ඔහු කඩුලු 7ක්ම බිඳ­දැ­මුවේ ලකුණු 21කට කඩුලු 3ක් ලෙස හොඳම පන්දු යැවී­මද සට­හන් කර­මිනි.

කටු­ග­ස්තොට සාන්ත අන්තෝනි විදු­හ­ලෙන් ක්‍රිකට් පිටි­යට පිවිසි මැතිව් මේ දස්කම සමඟ තර­ගා­ව­ලියේ කඩු­ලු­ලා­භීන් අතර සිව්වැනි ස්ථානයේ පසු විය. කෙසේ වෙතත් ඔහුට ඉදි­රි­යෙන් ක්‍රීඩ­ක­යන් 5 දෙනකු සිටින අතර, ඔවුන් තරග 4ක් හෝ 5ක් ක්‍රීඩා කර තිබිණි. පසු­ගිය වසරේ ශ්‍රී ලංකා­වේදී ප්‍රථම වරට පැවති ‘ලංකා ටී10’ තර­ගා­ව­ලියේ වැඩිම කඩු­ලු­ලා­භියා ද වූ මැතිව් ඒ තර­ගා­ව­ලි­යේදී තරග 7කදී කඩුලු 14ක් බිඳ­හෙළා තිබිණි. මේ දස්කම් හේතු­වෙන් ඔහු එම තර­ගා­ව­ලියේ දක්ෂ­තම පන්දු යවන්නා මෙන්ම නැඟී එන ක්‍රීඩ­කයා ලෙසද සම්මාන දිනා­ග­ත්තේය.

පසු­ගිය ජූනි – ජූලි මාස­ව­ලදී බට­හිර ඉන්දීය දුපත් තරග සංචා­ර­යක නිරත වූ ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩා­ය­ම­ට ද එක් වූ මැතිව් එහිදී එක්දින තරග 3කට ක්‍රීඩා කළේය. 2022දී යොවුන් ලෝක කුස­ලා­න­යට ද එක් වෙමින් ඔහු ජාතික තල­යට සේන්දු වූයේ 2023 වස­රේ­දීත් ශ්‍රී ලංකා 19න් පහළ පිල නියෝ­ජ­නය කර­මිනි. එම වස­රේ­දීම ඩුබා­යිහි පැවැ­ත්වෙන අන්ත­ර්ජා­තික ලීග් විස්සයි20 (අයි­එල්ටී20) ක්‍රිකට් තර­ගා­ව­ලි­යේදී අබු­ඩාබි නයිට් රයි­ඩර්ස් පිල නියෝ­ජ­නය කළ ඔහුට 2023දීම අයි­පී­එල් තර­ගා­ව­ලි­යට පෙර ඉන්දි­යාවේ නාග්පූ­ර්හිදී පැවති රාජ­ස්ථාන් රෝයල්ස් කණ්ඩා­යමේ පුහුණු කඳ­වු­රට එක්වීමේ විශේෂ අව­ස්ථා­වක්ද හිමි වීම විශේ­ෂ­ත්ව­යකි.

මේ දක්වා පළමු පෙළ තරග 2ක්, ‘ඒ’ කාණ්ඩයේ තරග 20ක් සහ පළමු පෙළ විස්සයි20 තරග 15ක් ක්‍රීඩා කර ඇති මැතිව් ඉදි­රි­යේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩා­ය­මට කදිම ආයෝ­ජ­න­යක් වීමේ පෙර­නි­මිති දැන­ට­මත් පහළ කර තිබේ. ඔහුට අම­ත­රව 22 හැවි­රිදි නායක දුනිත් වෙල්ලා­ලගේ, 23 හැවි­රිදි විජ­ය­කාන්ත් විය­ස්කාන්ත් සහ 29 හැවි­රිදි මිලාන් රත්නා­යක ද නැඟී එන තර­ගා­ව­ලි­යේදී කැපී­පෙ­නෙන දස්කම් දැක්වූහ. නායක දුනිත් තරග 4කදී කඩුලු 7ක් බිඳ­දැමූ අතර, විය­ස්කාන්ත් තරග දෙක­කදී කඩුලු 5ක් දවා ගෙන තිබිණි. පිත්තෙන් දස්කම් දක්ව­මින් ලකුණු 82ක් රැස් කළ මිලාන් දවා­ගත් කඩුලු සංඛ්‍යාව 4කි.

නිරෝෂාන් ප්‍රියංකර -(සිළුමිණ)

 

Scroll to Top