leadsportz

කැරම් ලෝක කුස­ලානය අද ඇරඹේ

හත්වැනි කැරම් ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය අද (2) මාල­දි­ව­යිනේ මලේ නග­ර­යේදී ආරම්භ වෙයි.

රට­වල් 20කින් ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ 200කට අධික පිරි­සක් එක්වන මේ තර­ගා­ව­ලිය මේ මස 6 වැනිදා දක්වා පැවැ­ත්වෙන අතර, ඊට ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කර­මින් ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ 16ක් එක් වීමට නිය­මි­තය.

මේ තර­ගා­ව­ලිය පිරිමි සහ කාන්තා ඒකල, යුගල, කණ්ඩා­යම් ඉසව් සමඟ ස්වීස් ලීග් ලෙස ඉසව් 4ක් යටතේ පැවැත්වේ.

ක්‍රීඩ­ක­යන් 8 දෙන­කු­ගෙන් සම­න්විත ශ්‍රී ලංකා කණ්ඩා­යමේ නාය­කයා ලෙස ෂහිඩ් හිල්මි කට­යුතු කරන අතර, නායි­කාව ලෙස ජොෂප් රොසිටා කට­යුතු කරයි. ආර්.ඒ.එස්.එච්. රණ­සිංහ සහ චමින්ද කුමාර මහ­ත්වරු නිල­ධා­රීන් ලෙස මේ කණ්ඩා­යම සමඟ සංචා­ර­යට එක්ව සිටිති.

Scroll to Top