බාබර් අසාම්ට දඩ
පාකිස්තාන එක්දින ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු බාබර් අසාම්ට තරග ගාස්තුවෙන් 10%ක දඩ මුදලක් නියම කිරීමට අයිසීසීය කටයුතු කර තිබේ.
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තෙවැනි සහ අවසන් එක්දින තරගය අතරතුර බාබර් අසාම් අයිසීසී ආචාර ධර්ම සංග්‍රහය කඩ කිරීමේ චෝදනාවට මේ දඩ මුදල නියම කර ඇත.
ඔහු විසින් ජාත්‍යන්තර තරගයක් අතරතුර ක්‍රිකට් උපකරණ හෝ ඇඳුම්, පිටියේ උපකරණ හෝ සවිකිරීම්වලට අනිසි ලෙස හානි කිරීම සම්බන්ධ අයිසීසී ආචාර ධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය (Level 1) උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ල විය.
එම තරගයේදී බාබර් අසාම් දැවී යෑමෙන් පසු පිටියෙන් ඉවත්ව යෑමට පෙර සිය පිත්තෙන් කඩුල්ලට පහරදීම මේ සිදුවීමට හේතුවී තිබේ.


