ඩැරිල් මිචෙල් ලොව අංක එකට
අයිසීසී ජාත්‍යන්තර එක්දින පිතිකරුවන් වර්ගීකරණයේ පළමු ස්ථානය හිමිකර ගැනීමට නවසීලන්තයේ ඩැරිල් මිචෙල් සමත්ව තිබේ.
අංක එකේ පිතිකරු ලෙස සිටි ඉන්දියාවේ රෝහිත් ශර්මා දෙවැනි තැනට දමමින් පෙරමුණගත් ඩැරිල් ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන ගත් දෙවැනි නවසීලන්ත ක්‍රීඩකයා බවට පත් විය. මින් පෙර 1979 වසරේ ග්ලෙන් ටර්නර් එම ස්ථානයට පත්ව ඇත.
මේ අතර ශ්‍රී ලංකා නායක චරිත් අසලංක (9) එක්දින ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 3ක් පහත බැස ඇත්තේ බාබර් අසාම් (6), හැරී ටෙක්ටර් (7) සහ ශ්‍රේයාස් අයියර් (8) එක් ස්ථානයක් බැගින් ඉහළ යමිනි. පැතුම් නිශ්ශංක (14), කුසල් මෙන්ඩිස් (15) සහ ජනිත් ලියනගේ (29) එක් ස්ථානය බැගින් පහත බසිද්දී සදීර සමරවික්‍රම (58) ස්ථාන 3ක් ඉහළ ගොස් ඇත.


