ශ්‍රී ලංකා යොවුන් ක්රීඩිකාවෝ කලින්ම තරගාවලිය ජය ගනිති
අසේනි තලගුණේ වාර්තා කළ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සංචාරක මැලේසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 118ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
මේ සමඟ තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලිය තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම 3-0ක් ලෙස තරගාවලි ජය සතුකර ගැනීමට ශ්‍රී ලංකා ක්රීඩිකාවෝ සමත් වූහ.
ඊයේ කෝල්ට්ස් පිටියේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලු 7ක් දැවී දුන් ලකුණු 167ක ඉලක්කය හඹා ගිය මැලේසියානු කණ්ඩායමට ඕවර 13.5කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 48ක් පමණි.


