leadsportz

නෙට්බෝල් ඡන්ද­යට නම් කැඳ­වීමේ සභාව උණු­සුම්

ශ්‍රී ලංකා නෙට්බෝල් සංග­මයේ සභා­පති තන­තු­රට නාම­යෝ­ජනා ලබාදී තිබූ හිටපු සභා­ප­තිනි ට්‍රික්සි නානා­ය­ක්කාර මහ­ත්මි­යගේ නාම­යෝ­ජ­නාව වි‍රෝධ­තා­වක් නැති­වම ප්‍රති­ක්ෂේප කිරී­මට නෙට්බෝල් නිල­ව­රණ කමි­ටුව තීර­ණය කිරී­මත් සමඟ උණු­සුම් තත්ත්ව­යක් නිර්මා­ණය විය.

ක්‍රීඩා අමා­ත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රව­ණා­ගා­ර­යේදී ඊයේ නාම­යෝ­ජනා භාර ගැනී­මෙන් අන­තු­රුව ඉදි­රි­පත්ව සිටි අපේ­ක්ෂ­ක­යන්ගේ නම් නිල­ව­රණ කමි­ටුව ප්‍රකාශ කිරී­මේදී ට්‍රික්සි නානා­ය­ක්කාර මහ­ත්මි­යගේ නාම­යෝ­ජ­නාව වයස අවු­රුදු 70ට වැඩි අයකු බැවින් පිළි­නො­ගන්නා බව ප්‍රකාශ වීමත් සමඟ සභාවේ නොස­න්සුන්තා ඇති විය.

නෙට්බෝල් ව්‍යව­ස්ථාව අනුව වයස අවු­රුදු 70ට වැඩි අය­කුට සම්මේ­ල­නයේ සභා­පති තන­තුර දැරිය නොහැකි බවට නිල­ව­රණ කමි­ටුව පෙන්වාදී ඇති අතර, එ‍හෙත් ට්‍රික්සි නානා­ය­ක්කාර මහ­ත්මිය හා ඇය‍ගේ පාර්ශ්වයේ පිරිස් විවිධ තර්ක මතු කර­න්නට වූහ.

මෙයට පෙර නෙට්බෝල් සම්මේ­ල­නයේ 70ට වැඩි අය සභා­පති ලෙස කට­යුතු කළ ආකා­රය හා මෙවර නිල­ව­ර­ණය පසු­ගිය ජුනි මාසයේ අභි­යා­ච­නා­ධි­ක­ර­ණය ලබා­දුන් නියෝ­ගය ප්‍රකා­රව පැවැ­ත්වී­මට නිය­මිත බැවින් ක්‍රීඩා රෙගු­ලාසි පම­ණක් අදාළ වන බව පෙන්වා දී තිබේ. එහෙත් නිල­ව­රණ කමි­ටුවේ තීර­ණය වෙනස් නොවන බව පවසා නානා­ය­ක්කාර මහ­ත්මි­යගේ සභා­පති නාම­යෝ­ජ­නාව ප්‍රති­ක්ෂේප කොට ඇත.

ඒ අනුව සභා­පති තන­තු­රට නාම­යෝ­ජනා ලබාදී ඇති වජිරා නෙත්ති­කු­මාරි (කළු­තර), අනෝමි ගුණ‍සේ­කර (කළු­තර), රුක්ෂි සාරා නෙත්ති­කු­මාරි (මහ­නු­වර) හා ඩේසිකා විතාරණ (රාජ්‍ය සේවා) යන අයගේ නම් පිළි­ගෙන තිබේ.

Scroll to Top