leadsportz

මධ්‍යම ආසි­යානු යොවුන් කාන්තා වොලි­බෝල් අද සිට

මධ්‍යම ආසි­යානු වොලි­බෝල් සංග­මයේ ආරා­ධ­නා­ව­කට අනුව ශ්‍රී ලංකා වොලි­බෝල් සම්මේ­ල­නය සංවි­ධාන කරන මධ්‍යම ආසි­යානු (CAVA) අවු­රුදු 19න් පහළ කාන්තා වොලි­බෝල් ශූර­තා­ව­ලිය අද (4) කොළඹ සුග­ත­දාස ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වෙයි.

සත්කා­රක ශ්‍රී ලංකාව සමඟ කිරි­ගි­ස්තා­නය, මාල­දි­ව­යින සහ නේපා­ලය තරග වදින මේ තර­ගා­ව­ලිය 9 වැනිදා නිමා වීමට නිය­මි­තය. තර­ගා­ව­ලියේ සමා­ර­ම්භක උත්ස­වය අද පස්වරු 3.00ට ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිල­ක­රත්න මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැ­ත්වෙන අතර, තර­ගා­ව­ලියේ සමා­ප්තිය සහ ජය සංකේත ප්‍රදා­නය ක්‍රීඩා හා තරුණ කට­යුතු ඇමැති සුනිල් කුමාර ගමගේ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු කිරී­මට නිය­මි­තය.

Scroll to Top