leadsportz

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩි­කාවෝ ඔස්ට්‍රේ­ලි­යාව බිංදු­වට දමති

සංචා­රක ඔස්ට්‍රේ­ලි­යානු අවු­රුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම සමඟ පැවති 5 වැනි විස්සයි20 තර­ගය කඩුලු 6කින් ජය ගැනී­මට ශ්‍රී ලංකා අවු­රුදු 19න් පහළ ක්‍රීඩි­කාවෝ ඊයේ සමත් වූහ.

මේ සමඟ තරග 5කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලිය 5-0ක් ලෙස පූර්ණ ජය­ග්‍ර­හ­ණ­කින් නිමා කිරී­මට සමත් වූ මනුදි නානා­ය­ක්කාර ප්‍රමුඛ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩි­කාවෝ දෙපිල අතර පැවති එකම යොවුන් එක්දින තර­ග­යෙන් ද ලකුණු 180ක දැවැන්ත ජයක් හිමි­කර ගෙන තිබිණි.

ඒ සමඟ ඔස්ට්‍රේ­ලි­යානු අවු­රුදු 19න් පහළ කණ්ඩා­ය­මට මේ සංචා­රය නිමා කිරී­මට සිදු වූයේ විස්සයි20 තර­ගා­ව­ලිය 5-0ක් සහ එක්දින තර­ගා­ව­ලිය 1-0ක් ලෙස පරා­ජය වීමෙන් කිසිදු ජය­ග්‍ර­හ­ණ­ය­කින් තොර­වය. එහිදී ශ්‍රී ලංකා ජය­ග්‍ර­හණ පෙළ විස්සයි20 තර­ගා­ව­ලි­යේදී පිළි­වෙ­ළින් ලකුණු 25කින්, ලකුණු 29කින්, කඩුලු 6කින්, ලකුණු 9කින් සහ කඩුලු 6කින් ලෙස සට­හන් විය.

ඊයේ දඹුල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ පැවති 5 වැනි විස්සයි20 තර­ගයේ කාසියේ වාසිය දිනා­ගත් ඔස්ට්‍රේ­ලි­යානු පිල පළ­මුව පන්දු­වට පහර දෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 114ක් රැස් කළ අතර, එම ඉල­ක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිල පන්දු 15ක් ඉති­රිව තිබි­යදී ජය තහ­වුරු කර ගත්තේ කඩුලු 4ක් පම­ණක් දැවී තිබි­ය­දීය.

Scroll to Top