leadsportz

මෙරට රග්බි ක්‍රීඩාවට රතු එළියක්

ඔක්තෝබර් 08 වැනිදාට දින නියමවී ඇති පරිදි ශ්‍රී ලංකා රග්බි ආයතනයේ වාර්ෂික මහ සභාව කැඳවා නිලවරණය නොපැවැත්වුවහොත් ඉදිරි වසර දෙකක කාලයක් සඳහා ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව තහනම් කරන බවට ලෝක රග්බි ආයතනය විසින් බරපතල අනතුරු ඇඟවීමක් නිකුත් කර ති‍බේ.

ලෝක රග්බි ආයතනයේ ජාත්‍යන්තර ප්‍රධානියාගේ අත්සනින් යුතුව ඉකුත් 27වැනිදා ශ්‍රී ලංකාවට යොමුකරන ලද ලිපියක් මගින් මේ බැව් දැනුම් දී ඇත.

අදාළ ලිපියේ දැක්වෙන අන්දමට ශ්‍රී ලංකා රග්බි ආයතනයට සිය පරිපාලනය පත්කරගැනීමේ කටයුත්ත වෙනුවෙන් කිහිපවරක්ම කාලය දීර්ඝ කර දී ඇති නමුත් ඒ කිසිදු විටක එකී ලබාදුන් කාලසීමාවන්ට යටත්ව කටයුතු සිදුව නැති බව පවසමින් ලෝක රග්බි ආයතනය ඒ පිළිබඳව සිය කනස්සල්ල පළ කර තිබේ.

ඒ අනුව මේ වන විට තමන් වෙත දැනුම් දී ඇති පරිදි ඔක්තෝබර් 8 වැනිදා ශ්‍රී ලංකා රග්බි ආයතනයේ වාර්ෂික මහ සභාව කැඳවා නිලවරණය නොපැවැත්වුවහොත් ඔක්තෝබර් 9 වැනිදා සිටි වසර දෙකක තහනමක් ශ්‍රී ලංකාව හමුවේ පැනවෙනු ඇතැයි එකී ලිපියෙන් අවධාරණය කර තිබේ.

Scroll to Top