leadsportz

කාන්තා එක්දින ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලිය ඇරඹේ

ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය සංවි­ධාන කරන 13 වැනි කාන්තා ලෝක කුස­ලාන එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය අද (30) ඉන්දි­යා­වේදී ආරම්භ වෙයි.

ලොව ප්‍රබ­ලම රට­වල් 8ක් තරග වදින මේ තර­ගා­ව­ලියේ මූලික වට­යේදී සෑම කණ්ඩා­ය­මක්ම සෙසු කණ්ඩා­යම් 7 සම­ඟින් තරග වැදී­මට නිය­මි­තය. අන­තු­රුව ප්‍රසාද ලකුණු සට­හනේ ඉදි­රි­යෙන්ම සිටින කණ්ඩා­යම් 4 අර්ධ අව­සන් පූර්ව වට­යට පිවි­සෙන අතර, එහිදී පළමු සහ සිවු­වැනි ස්ථාන­වල පසු­වන කණ්ඩා­යම් දෙකක්, දෙවැනි සහ තෙවැනි ස්ථාන­වල පසු­වන කණ්ඩා­යම් දෙකක් එම වට­යේදී එකි­නෙකා සම­ඟින් තරග වදිනු ඇත.

සමස්ත තර­ගා­ව­ලිය තරග 31කින් සම­න්විත වන අතර, ඉන් මූලික වටයේ තරග 11ක් ශ්‍රී ලංකා­වේදී පැවැත්වේ. එහිදී පාකි­ස්තා­නය ක්‍රීඩා කරන සියලු තරග කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්වෙන අතර, ශ්‍රී ලංකා – පාකි­ස්තාන තර­ග­යට අම­ත­රව ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තවත් තරග 4ක් ද ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ.

ඊට අම­ත­රව ඉන්දු – පාකි­ස්තාන දේශ­පා­ලන අර්බු­දය හේතු­වෙන් මේ තර­ගා­ව­ලි­යේදී පාකි­ස්තා­නය අව­සන් පූර්ව වට­යට හෝ අව­සන් තර­ග­යට සුදු­සු­කම් ලැබු­ව­හොත් එම තරගද ශ්‍රී ලංකා­වේදී පැවැ­ත්වෙනු ඇත.

තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් සම සත්කා­ර­ක­යන් වන ඉන්දි­යාව සම­ඟින් ශ්‍රී ලංකාව අද පස්වරු 3.00ට ගුව­හා­ති­හිදී තරග බිමට පිවි­සී­මට නිය­මි­තය.

Scroll to Top