leadsportz

ශ්‍රී ලංකාව සුපිරි 4 වටයට සුදුසුකම් ලබයි

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයට අපරාජිතව සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

‘බී’ කාණ්ඩයේ තරග අවසන් කරමින් අඩුබාබි හිදී අද (18) පැවති මෙම තීරණාත්මක තරගයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු 6කින් පරාජය කර ඔවුන් මෙම අවස්ථාව හිමිකර ගත්තේය.

මෙහිදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 170ක ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී තිබියදී පසුකර යාමට ශ්‍රී ලංකාවට හැකිවිය.

එහිදී අනගි ඉනිමක් ක්‍රීඩාකළ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 74ක් රැස්කළේය.ඇෆ්ගනිස්තානය ලැබූ මෙම පරාජයත් සමග ඔවුන් තරගාවලියෙන් ඉවත් වූ අතර, බංග්ලාදේශය සුපිරි 4 වටයට සුදුසුකම් ලබාගත්හ.

Scroll to Top