leadsportz

රුමේෂ් තරංග ලෝක වාර්තාවක් පිහිටුවයි

ජපානයේ ටෝකියෝ නුවර පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වට සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් අතර, වයසින් අඩුම ක්‍රීඩකයා ලෙස 22 හැවිරිදි ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය. මුල්වරට ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගි වන ඔහු පළමු වට‍යේදී අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේය. එබැවින් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියක අවසන් තරගයකට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකේය ක්‍රීඩකයා ලෙසද ඉතිහාසයට එක් වූවේය.

ඊයේ මේ ඉසව්වේ අවසන් තරගයට එක් වූ රුමේෂ් මීටර් 84.38ක දක්ෂතාවක් දැක්වූ අතර, අවසන් ක්‍රීඩකයන් 12 දෙනා අතරින් ඔහුට හිමි වූයේ 7 වැනි ස්ථානයයි.

Scroll to Top