ඔස්ට්‍රේලියා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලංකාවට
ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග තරග සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඔවුන් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරග 05ක් සඳහා සහභාගී වීමට නියමිතය.
එම තරග එළඹෙන 20, 21, 24, 26 සහ 28 දින වල පැවැත්වීමට නියමිතව තිබේ.
ඊට අමතරව එක්දින තරගයක්ද 30 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.






