ඉන්දියාවට කඩුළු 9ක ජයක්
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ(10) පැවති තරගයෙන් එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව කඩුලු 09ක පහසු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
ඩුබායි ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් කණ්ඩායමට පන්දුවාර 13.1කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 57ක් පමණි.
ඒ අනුව ලකුණු 58ක පහසු ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම තරගයේ 5(4.3)වන පන්දුවාරයේ දී එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී පසුකර යෑමට සමත් විය.
එහිදී ආරම්භක පිතිකරු යුගලයෙන් අභිෂේක් ශර්මා පන්දු 16කින් ලකුණු 30ක් රැස්කළ අතර,
ශුබ්මන් ගිල් පම්දු 09කදී නොදැවී ලකුණු 20ක් රැස්කළේය.


