leadsportz

ඒෂාන් සහ විෂේන් දකුණු අප්‍රි­කාවේ ක්‍රිකට් ලීගයට

දකුණු අප්‍රි­කාවේ පැවැ­ත්වෙන විස්සයි20 ක්‍රිකට් ලීග් වෙන්දේ­සි­යට ඉදි­රි­පත් වූ ශ්‍රී ලාංකේය ක්‍රීඩ­ක­යන් 24ක් අත­රින් තරුණ ක්‍රීඩ­ක­යන් වන ඒෂාන් මාලිංග රුපි­යල් මිලි­යන 17කට සහ විෂේන් හැළ­ඹගේ රුපි­යල් ලක්ෂ 34කට අලෙවි විය.

දකුණු අප්‍රි­කාවේ ජොහැ­න්න­ස්බ­ර්ග්හිදී ඊයේ පැවති මේ වෙන්දේ­සි­යේදී ඒෂාන් මාලිංග හා විෂේන් හැළ­ඹගේ ඉන්දීය ප්‍රිමි­යර් ලීග් තර­ගා­ව­ලියේ රාජ­ස්ථාන් රෝයල්ස් සතු දකුණු අප්‍රි­කාවේ පාර්ල් රෝයල්ස් කණ්ඩා­යම විසින් තෝරා ගන්නා ලදි. මේ පාර්ල් රෝයල්ස් කණ්ඩා­යමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කුමාර් සංග­ක්කාර කට­යුතු කරන අතර, ට්‍රෙවර් පෙනී ප්‍රධාන පුහු­ණු­කරු ලෙසත්, ඩේවිඩ් මිලර් නාය­කයා ලෙසත් කට­යුතු කරති.

ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ, කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, භානුක රාජ­පක්ෂ, දිනේෂ් චන්දි­මාල්, බිනුර ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, ධනං­ජය ද සිල්වා, දුෂාන් හේමන්ත, තරිඳු රත්නා­යක, කසුන් රාජිත, විජ­ය­කාන්ත් විය­ස්කාන්ත්, සොනාල් දිනූෂ, පවන් රත්නා­යක, ලිලාන් රංගන, චාමික කරු­ණා­රත්න, චරිත් අස­ලංක, අකිල ධනං­ජය, ට්‍රෙවීන් මැතිව්, නවිඳු ප්‍රභාෂ්, ගරුක සංකේත්, සිනෙත් ජය­ව­ර්ධන හා අදීෂ නෙත්මික මෙම වෙන්දේ­සි­යේදී ලංසු තබා තිබු­ණද කිසිදු කණ්ඩා­ය­මක් මිල දී ගැනී­මට ඉදි­රි­පත් නොවිණි.

Scroll to Top