leadsportz

ආසියානු කුසලාන තරගාවලිය සැප්තැම්බර් 9 සිට 28 දක්වා

ආසියානු කුසලාන තරගාවලිය හෙට (9) ආරම්භවේ.මෙවර තරගාවලිය සැප්තැම්බර් 28 වැනිදා දක්වා ඩුබායි සහ අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව,ඉන්දියාව,පාකිස්ථානය,බංග්ලාදේශය,ඇෆ්ගනිස්ථානය,එක්සත් අරාබි එමීර්,හොංකොං සහ ඕමානය යන රටවල් මෙවර ආසියානු කුසලානය වෙනුවෙන් තරග වදිති.
පසුගිය 2023 වසරේ පැවති ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාවය ඉන්දියාව විසින් දිනාගනු ලැබූ අතර,ඊට පෙර 2022 වසරේ පැවති තරගාවලියේ කුසලානය හිමිවූයේ ශ්‍රී ලංකාවටය.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව තරග වදින පළමු තරගය සැප්තැම්බර් 13 වැනි දින බංග්ලාදේශය සමග පැවැත්වේ.

Scroll to Top