leadsportz

නදීශා ලෝක ශූර­තා­ව­ලි­යට

තරුණ කට­යුතු සහ ක්‍රීඩා අමා­ත්‍යාං­ශය හා ක්‍රීඩා සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව එක්ව සංවි­ධාන කළ 49 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ සමස්ත ශූර­තාව දිනා ගැනී­මට බස්නා­හිර පළාත සමත් විය.

එම පළාත රන් පද­ක්කම් 83ක්, රිදී පද­ක්කම් 55 සහ ලෝකඩ පද­ක්කම් 71ක් සමඟ සමස්ත පද­ක්කම් 209ක් දිනා ගත් අතර, මධ්‍යම පළාත සමස්ත අනු­ශූ­ර­තාව දිනා ගත්තේ රන් 43ක්, රිදී 64ක් සහ ලෝකඩ 68ක් සමඟ පද­ක්කම් 175ක් සම­ඟිනි. දකුණු පළාත තෙවැනි ස්ථානය හිමි­කර ගත්තේ රන් 33ක්, රිදී 52ක් සහ ලෝකඩ 46ක් සමඟ සමස්ත පද­ක්කම් 131ක් දිනා ගනි­මිනි. මෙවර ක්‍රීඩා උලෙ­ළේදී රන් 10ක්, රිදී 5ක් හා ලෝකඩ 9ක් දිනා ගැනී­මට උතුරු පළාත සම­ත්වීම කැපී පෙනිණි.

ගාල්ල දඩල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකී­ර්ණ­යේදී ඊයේ නිමාවූ මෙවර ක්‍රීඩා උලෙළේ දක්ෂ­තම ක්‍රීඩ­කයා ලෙස තුම් පිම්ම ඉස­ව්වෙන් මීටර් 16.37ක දක්ෂ­තා­වක් සමඟ නව තරග වාර්තා­වක් පිහි­ටුවූ ඒ.ඒ. මල්ෂාන් ද, දක්ෂ­තම ක්‍රීඩි­කාව ලෙස මීටර් 400 ඉසව්ව තත්පර 54.60කින් නිම කළ සයුරි ලක්ෂිමා සම්මාන දිනා ගත්හ. මේ දෙදෙ­නාම බස්නා­හිර පළාත නියෝ­ජ­නය කර­මින් මේ තර­ගා­ව­ලි­යට එක් වූහ.

Scroll to Top