leadsportz

49 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ ස­මස්ත ශූර­තාව බස්නා­හි­ර පළාතට ­

ලබන මස 13දා සිට 21 දක්වා ජපා­නයේ ටෝකියෝ නග­රයේ පැවැ­ත්වී­මට නිය­මිත ලෝක මලල ක්‍රීඩා ශූර­තා­ව­ලියේ ශ්‍රී ලාංකේය කාන්තා නියෝ­ජන අව­ස්ථාව මීටර් 400 ජාතික ශූරිය වන නදීශා රාම­නා­ය­කට හිමිව ඇත.

මෙවර ලෝක මලල ක්‍රීඩා ශූර­තා­ව­ලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩි­කා­වන් කිසි­වකු ඍජු සුදු­සු­කම් ලබා නොමැති පසු­බි­මක ලෝක මලල ක්‍රීඩා විසින් ලබා­දෙන විශ්වීය ස්ථානය (කලින් වයිල් කාඩ්) සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආය­ත­නය විසින් දිල්හානි ලේකම්ගේ සහ නදීශා රාම­නා­ය­කගේ නම් නිර්දේශ කළද, ලෝක මලල ක්‍රීඩා ශූර­තා­වලි සංචි­ධා­යක මණ්ඩ­ලය විසින් නදීශා රාම­නා­ය­කට එම අව­ස්ථාව ලබාදී තිබේ.

නදීශා රාම­නා­යක මීටර් 400 ඉසව්වේ ආසි­යානු රන් පද­ක්කම තත්පර 52.61කින් දිනා­ගත් අතර, මීටර් 400 කාන්තා සහාය දිවි­මෙන් හා මිශ්‍ර සහාය දිවීමේ ඉස­ව්වෙන් රිදී පද­ක්කම දිනා ගත්තාය. ශ්‍රී ලංකා යුද හමු­දාව නියෝ­ජ­නය කරන ඇය ලෝක මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට සහ­භා­ගි­වන පළමු අව­ස්ථාව මෙය වේ.

Scroll to Top