leadsportz

ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජයගනී

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය ජය 2ට 0ක් ලෙස ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ දෙවැනි තරගය කඩුළු 5කින් ජය ගනිමිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුළු 7ක් දැවී ලකුණු 277ක් රැස් කරගැනීමට සමත්වූ අතර,ශ්‍රී ලංකාව පන්දුවාර 49.3ක් තුළදී කඩුළු 5ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත් විය.

විශිෂ්ට පිතිහරඹයක නිරතවූ පැතුම් නිස්සංක ලකුණු 122ක්ද,නායක චරිත් අසලංක ලකුණු 71ක්ද රැස් කරගැනීමට සමත් වූහ.

පැතුම් නිස්සංක තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මාන දිනාගැනීමට සමත් විය.

Scroll to Top