leadsportz

ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් තරග ගැන ඉන්දීය රජයේ ස්ථාවරය

ඉන්දියාව හා පාකිස්තානය අතර ඇතිව තිබෙන දේශපාලන මතගැටුම් හේතුවෙන් දෙරට අතර ක්‍රිකට් තරග ක්‍රීඩාකිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය ස්ථාවරය පැහැදිලි කර තිබේ.

ඒ අනුව පාකිස්තානය සමග කිසිදු ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩාකිරීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට සම්පූර්ණ තහනමක් පනවා ඇත.

මේ හේතුවෙන් දෙරට තරග කිසිදු තරගාවලියකට ඉන්දියාව සත්කාරකත්වය නොදක්වන අතර, කිසිදු සංචාරයක් හෝ සිදුකිරීමට ද අවසර නොමැත.

කෙසේ වෙතත් අයි. සී. සී. විසින් සංවිධානය කරන තරගාවලි මෙන්ම බහු පාර්ශ්වීය තරගාවලිවලදී පාකිස්තානය සමගින් ක්‍රීඩාකළ හැකි බව ඉන්දීය රජය සිය නිවේදනයෙන් දන්වා ඇත.

ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ආසියානු කුසලානයේ සහ ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලානයේ දී මෙම රටවල් දෙක එකිනෙකා සමගින් ක්‍රීඩාකරනු ඇත.

Scroll to Top