ජූඩෝ වැඩිම පදක්කම් මධ්‍යම පළාත දිනයි
ජාතික මහා ක්‍රීඩා උලෙළේ නිමාවට පත්වූ ජූඩෝ තරගවල වැඩි දක්ෂතා දැක්වූ මධ්‍යම පළාත රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් 8ක් හා ලෝකඩ පදක්කම් 3ක් සමඟ මුළු පදක්කම් 22ක් දිනා බර ඉසිලීමේ ශූරතාව දිනා ගත්තේය.
රාජකීය විදුහල් මාස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති ජූඩෝ තරගවලදී මධ්‍යම පළාත කාන්තා අංශයෙන් රන් පදක්කම් 4ක්, රිදී 4ක් හා ලෝකඩ 3ක් දිනාගත් අතර, පිරිමි අංශයේදී රන් පදක්කම් 7ක් හා රිදී පදක්කම් 4ක් දිනා පෙරමුණට පැමිණියේය.
විද්‍යාත්මක ශිල්පීය ක්‍රම භාවිත කරමින් කෙටි කාලයකදී වැඩිම ලකුණු ලබාගත් මධ්‍යම පළාතේ චාමර ධර්මවර්ධන හොඳම ක්‍රීඩකයා ලෙසත්, එම පළාතේම කල්පනී ජයවීර හොඳම ක්‍රීඩිකාව ලෙසත් සම්මානයට පාත්‍ර වූහ.
චාමර ධර්මවර්ධන ජූඩෝ හොඳම ක්‍රීඩකයා සම්මානය පිට පිට 10 වැනි වරටත් දිනා ගැනීම කැපී පෙනිණි.


