ශ්‍රී ලංකා පිතිකරුවන්ට පුහුණු සැසියක්
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩිදියුණු කිරීම සඳහා අරමුණු කර ගත් පුහුණු වැඩසටහනක් විශේෂඥ පුහුණුකරුවකු වන ජූලියන් වුඩ්ගේ මෙහෙයවීමෙන් ආරම්භ කෙරිණ
සතියක් පුරා පැවැත්වෙන මෙම පුහුණු වැඩසටහනේදී පිතිකරුවන්ට ඔවුන්ගේ පහර දීමේ ශිල්පීය ක්‍රම මුවහ් කර ගැනීමට සහ ඔවුන්ගේ සමස්ත ජව සම්පන්න පහර එල්ල කිරීමේ හැකියාව වැඩිදියුණු කර ගැනීම අරමුණු කර ගනිමින් ඔහු ජාතික පුහුණුකරුවන් සමග සමීපව කටයුතු කරනු ඇත.


