ශ්‍රී ලංකාවේදී ඉදිරි ලෝක කුසලාන තරගාවලි දෙකකට සූදානමක්
ලබන වසරේ ඉන්දියාව සමඟ ලෝක කුසලාන සම සත්කාරකත්වය සැපයීමට සහ මේ වසරේ සැප්තැම්බර් මාසයේදී අයිසීසී කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ තරග 11ක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාකාරීව සූදානම්ව සිටී.
එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ මූල්‍ය අර්බුදයක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ නොමඟ යවනසුලු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ එහි මෙහෙයුම් කළමනාකරණය කිරීමට මෙන්ම දිගුකාලීන උපායමාර්ගික මුලපිරීම් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් මූල්‍ය ස්ථාවරත්වයක් ඇති බව ඊයේ විශේෂ සඳහනක් කළේය.
එවැනි පුළුල් සැලසුමක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ස්ථාවරත්වය හේතුවෙන් බව පැවසීය.


