සුපර් කප් පාපන්දු තරගාවලියට මාලදිවයින සැප්තැම්බරයේ මෙරටට
ශ්‍රී ලංකාව සමගින් ජාත්‍යන්තර සුහද පාපන්දු තරග දෙකකින් යුත් තරගාවලියක් ක්‍රීඩා කිරීම සඳහා මාලදිවයින් ජාතික පාපන්දු කණ්ඩායම එළැඹෙන සැප්තැම්බර් මස මෙරට තරග සංචාරයක නිරතවීමට නියමිතව ඇත.
‘දකුණු ආසියානු සුපර් කප්’ තරගාවලිය ලෙස පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා භූතානයට ද ආරාධනා කර තිබූ නමුත් ඔවුන් තරගාවලියෙන් ඉවත්වීමට පසුව කටයුතු කර ඇත.
කෙසේ වෙතත් ඉදිරි වසරේ සිට කණ්ඩායම් 3ක් හෝ 4ක් සහභාගිවන තරගාවලියක් ලෙස සුපර් කප් තරගාවලිය වාර්ෂිකව පැවැත්වීමට නියමිතය.


