leadsportz

රසාරා විජේසූරිය මීටර 5000 අවසන් තරගයට

ජර්මනියේ පැවැත්වෙන ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේදී මීටර 5000 ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ රසාරා විජේසූරිය සමත් වූවාය.

ඊයේ (24) පැවති සුදුසුකම් ලැබීමේ තරගයේ දී ඇය විනාඩි 16:00.30කින් තරගය අවසන් කර එම ඉසව්වේ 7වන ස්ථානය දිනාගැනීමත් සමග ඇයට මෙම අවස්ථාව හිමිවිය.

මෙහිදී රසාරා ගතකළ කාලය ඇගේ පෞද්ගලික හොඳම කාලය වන අතර, මෙරට ක්‍රීඩිකාවක මලල ක්‍රීඩා ඉතිහාසයේ දැක්වූ දෙවන හොඳම කාලයද වේ.

රසාරා කැලණිය විශ්වවිද්‍යාල නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගි වී සිටියි.

Scroll to Top