leadsportz

ශ්‍රී ලංකාව ලකුණු 400 පසු කරයි

බංගලාදේශ – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද(27) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 6ක් දැවී ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 401කි. ඒ අනුව ශ්‍රී ලංකාව බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 154ක් ඉදිරියෙන් සිටියි.
අද දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 290ක් ලබා සිටි අතර, මෙම තරගාවලියේදී දෙවැනි වරටත් ලකුණු 150 කඩඉම පසුකිරීමට සමත්වූ පැතුම් නිස්සංක ලකුණු 158ක් ලබා සිටියදී දැවී ගියේය.කමිදු මෙන්ඩිස් ලකුණු 33ක් සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු 10ක් ලබා ගත් අතර, නායක ධනංජය ද සිල්වාට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 7ක් පමණි.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කුසල් මෙන්ඩිස් ලකුණු 42ක්ද,සොනාල් දිනූෂ ලකුණු 8ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිති  .

Scroll to Top