leadsportz

පාසල් රග්බි සිව්වැනි සතිය අදින් ඇරැඹේ

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය සංවිධාන කරනු ලබන ඩයලොග් අන්තර් පාසල් 19න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ සිව්වැනි සතියේ තරග අද (27) සිට ආරම්භ වීමට නියමිතය.

තරග සතිය ආරම්භ කරමින් අද දිනයේ තරග 3ක් පැවැත්වීමට නියමිතය. එහිදී ශ්‍රී සුමංගල විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර තරගය බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙද්දී, ධර්මරාජ විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී තරග වදිති. එසේම දිනයේ අනෙක් තරගය කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය අතර තරගය පැවැත්වීමට නියමිතය.

Scroll to Top