leadsportz

යුපුන් ජර්මනියේ දී විශිෂ්ට දස්කම් අතරට

ජර්මනියේ Anhalt හිදි පැවැත්වෙන 27 වැනි අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ දී විශිෂ්ට ජයක් වාර්තා කිරීමට යුපුන් අබේකෝන් විසින් ඊයේ (21) සමත් වුනා.

මෙවර තරගවාරය තුළ, මීට පෙර බලාපොරොත්තු වූ තරම් දස්කම් දැක්වීමට අපොහොසත් වෙමින් සිටි යුපුන් මෙවර සිය පසුබැසීමට තිත තබමින් විශිෂ්ට ධාවන කාලයක් වාර්තා කළා.

තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්වේ දෙවැනි මූලික වටයේ තරගයට සහභාගී වූ යුපුන් විසින් තත්පර 10.30ක කාලයක් වාර්තා කරමින් තෙවැනි ස්ථානයට පත් වුනා.මෙය ඔහුගේ පෙර ධාවන කාල හා සැසඳීමේ දී තරමක පසුබැසීමක් පෙන්වුම් කළ නමුත් මෙවර තරග වාරය වෙනුවෙන් මෙය ඔහුගේ හොඳම පෞද්ගලික දක්ෂතාව ලෙස ද සටහන් වුනා. එමෙන්ම මෙවර තරග වාරය තුළ ඔහු බොහෝ විට මේ ආසන්න තරග නිමි කාල වාර්තා කරමිනුයි සිටියේ.

Scroll to Top