leadsportz

පැතුම් නිස්සංකගෙන් සුපිරි ඉනිමක්.

පැතුම් නිස්සංක තම ටෙස්ට් තරග දිවියේ ඉනිමක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් පෑ දක්ෂතාත් සමඟින් ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ 3 වැනි දිනය අවසන් වෙන්නේ ශ්‍රී ලංකාව තම පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 365ක් ලබා සිටියදීයි.

සංචාරක බංග්ලාදේශ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 495ක් ලබා ගත්තා. මෙම ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරග ඉතිහාසයේ බංග්ලාදේශ ක්‍රීඩකයෝ වාර්තා කරනු ලැබූ ඉහළ ම ලකුණු අතර සිව් වැනියට පත් දක්ෂතාවයි.

Scroll to Top