කාසියේ වාසිය බංග්ලාදේශයට
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (25) ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශය සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි
තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනුෂට මෙම තරගයේදී ටෙස්ට් වරම් හිමිවූ අතර, ඔහු කණ්ඩායමට නම් කර ඇත්තේ ටෙස්ට් පිටියෙන් සමුගත් ඇන්ජලෝ මැතිව්ස් වෙනුවටයි. ආබාධයකට ලක්ව සිටින මිලාන් රත්නායක වෙනුවට වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු අද තරගයට සහභාගි වෙනවා.


