leadsportz

ලෝක කුසලානයට ලැබුණු ආරාධනාව ගැන ස්කොට්ලන්තයෙන් ප්‍රතිචාර

2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ලෙසට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිදු කළ ආරාධනයට ස්කොට්ලන්ත කණ්ඩායම ප්‍රතිචාර දක්වා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින්, එම කණ්ඩායමේ සභාපති විල්ෆ් වොල්ෂ් සඳහන් කළේ, ඉන්දියාවේ සංචාරය කිරීමට කැමැත්තෙන් සහ සූදානමින් පසු වන බවය. තරගාවලියේ සහභාගීත්වය තහවුරු කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂාගෙන් තමන්ට ඇමතුමක් ලැබුණු බව ද ඔහු පැවසීය.
සිය කණ්ඩායම වෙනුවෙන් එය පිළිගැනීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් මේ අවස්ථාව ලබාදීම පිළිබඳව ක්‍රිකට් කවුන්සිලයට ස්තූතිවන්ත බව ද විල්ෆ් වොල්ෂ් ප්‍රකාශ කළේය. ඉදිරි සතිවලදී ඉන්දියාවේ ලෝකයේ හොඳම කණ්ඩායම් කිහිපයක් සමඟ තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද ඔහු කීය.

Scroll to Top