පාපන්දු ලෝක කුසලාන ටිකට් අවලංගු කිරීමේ රැල්ලක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් මේ වසරේ අමෙරිකාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන ටිකට්පත් මිල දී ගත් පුද්ගලයන් 16,800ක් තම ටිකට්පත් එක් රැයකින් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අමෙරිකානු රජයේ ප්‍රතිපත්ති සහ දේශපාලනය පිළිබඳ කනස්සල්ල පළකරමින් කලින් වෙන්කරවා ගත් ලෝක කුසලානය සඳහා ටිකට්පත් මෙලෙස අවලංගු කිරීමත් සමඟ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය හදිසි රැස්වීමක් කැඳවා තිබේ.
පෙර නොවූ විරූ ටිකට්පත් අවලංගු කිරීමේ රැල්ල, අමෙරිකාව ඉලක්ක කර ගනිමින් සිදුවන අතර, තරග කිහිපයක් පැවැත්වෙන කැනඩාවට සහ මෙක්සිකෝවට අදාළ වී නැත. ජනාධිපති ට්‍රම්ප්ගේ මතභේදාත්මක විදේශ ප්‍රතිපත්ති සහ ආක්‍රමණශීලී වෙළෙඳ සම්බාධකවලට විරෝධය පළ කරමින් මේ ඉවත් කර ගැනීම් සිදු වෙමින් පවතී.
රටවල් 48ක් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට එක්වන අතර, ඉරානය, හයිටිය, සෙනගාලය සහ අයිවරි කෝස්ට් යන රටවලට පූර්ණ හෝ අර්ධ සංචාරක තහනමක් අමෙරිකාව පනවා තිබීම ද විශේෂත්වයකි.


