ඉන්දු - බංග්ලාදේශ විරසකයේ අලුත්ම බිල්ල
බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිවේදන කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය
නිවේදිකා රිධිමා පතක්, දැනට ක්‍රියාත්මක වන බීපීඑල් තරගාවලියෙන් ඉවත්කොට ඉන්දියාවට පිටුවහල් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය පියවර ගෙන ඇතැයි වාර්තාවේ.
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් අයිපීඑල් තරගාවලියෙන් ඉවත් කිරීමෙන් පසු දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සහ ක්‍රිකට් සබඳතා වේගයෙන් පිරිහෙමින් පවතින තත්ත්වයක මේ සිදුවීම වාර්තා විය.
මෙහි නවතම බලපෑම බංග්ලාදේශ විකාශන මණ්ඩලයට එල්ල වී ඇති අතර, රිධිමා පතක් ක්‍රිකට් ක්‍රීඩා විකාශනයේ ප්‍රසිද්ධ මුහුණකි.පාකිස්තානයේ සයිනබ් අබ්බාස් සමඟ ඇය මේ වසරේ බීපීඑල් තරගාවලියේ ආකර්ෂණීය හුරුපුරුදු මුහුණක් වූවාය.
කෙසේවෙතත, ඇය සමාජ මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඉවත් වීමේ තීරණය සම්පූර්ණයෙන්ම තමන්ගේම තීරණයක් බවය.
“පසුගිය පැය කිහිපය තුළ, මාව බීපීඑල්වලින් ඉවත් කර ඇති බවට කටකතාවක් පැතිරුණා. මම පෞද්ගලිකව ඉල්ලා අස්වීමට තීරණය කළා. මම මගේ රටට සැමවිටම මුල් තැන දෙනවා. සහයෝගය ලබා දුන් සැමට ස්තූතියි. ක්‍රිකට් ක්‍රීඩාවට සත්‍යය එක්විය යුතුයි. එච්චරයි. මට තවත් අදහස් දක්වන්න බැහැ” ඇය එලෙස සඳහන් කර තිබේ.


