leadsportz

මලල ක්‍රීඩා ඡන්ද සටන මාස 4කට පසු යළි පණ ලබයි

දින නිය­ම­යක් නොමැ­තිව කල් දමා තිබූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගම‍යේ නිල­ව­ර­ණය විධි­මත් ලෙස පැවැ­ත්වී­මට ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල් වී. ප්‍රේම­ච­න්ද්‍රන් මහතා විසින් ඊයේ විශේෂ මහ සභා­වක් කැඳ­වී­මට කට­යුතු කළේය. ක්‍රීඩා අමා­ත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රව­ණා­ගා­රයේ පැවති මේ විශේෂ මහ සභා රැස්වී­මේදී නිල­ව­රණ කමි­ටුව අලු­තින් පත්ක­ර­ගත් අතර, එම කමි­ටු­වට නාම‍යෝ­ජනා කැඳ­වීමේ බලය පැවැ­රිණි.

මලල ක්‍රීඩා නිල­ව­ර­ණ­යට අනුව ලියා­ප­දිංචි අනු­බද්ධ ක්‍රීඩා සංගම් 39ක් ඉදි­රි­පත්වී සිටි­යද එයින් සංගම් 9ක ක්‍රියා­කා­රි­ත්වය තහ­වුරු වී නැති හෙයින් එම සංගම් 9ට ඡන්ද අයි­තිය අහෝසි වන බව ක්‍රීඩා අධ්‍ය­ක්ෂ­ව­රයා විශේෂ මහ සභා­වේදී ප්‍රකාශ කළේය. එහෙත් ඔවුන්ට නිද­හ­සට කරුණු හා ක්‍රියා­කා­රී­ත්වය පිළි­බඳ තොර­තුරු සනාථ කිරී­මට දින 2ක සහන කාල­යක් ලබා­දී­මට ක්‍රීඩා අමා­ත්‍යාං­ශය පිය­වර ගෙන ඇති බවත්, එම සහන කාලය අනිද්දා (26) පස්වරු 2ට අව­සන් වන බවත් දැනුම් දුන්නේය.

මලල ක්‍රීඩා නිල­ව­ර­ණය නව ක්‍රීඩා රෙගු­ලාසි අනුව පැවැ­ත්වෙන අතර, මෙයට මාස 4කට පමණ පෙර ලබා­ගත් නාම­යෝ­ජනා සියල්ල අහෝසි වන බවත් අලු­තින් නාම­යෝ­ජනා ලබා ගැනීමේ දිනය ඉක්ම­නින් ප්‍රකා­ශ­යට පත්ක­රන බවත් මේ විශේෂ මහ සභා­වේදී සාමා­ජික සංගම් ‍ වෙත දැනුම් දී ඇත.

Scroll to Top