leadsportz

අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරග කල්යයි

ශ්‍රී ලංකා රග්බී පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක “මැලිබන් අභියෝග කුසලාන” අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රමුඛ පෙළ ලීග් ශුරතා රග්බී පාපන්දු තරගාවලියේ සිව් වැනි සතියට අයත් තරග සියල්ලම කල් දමන්නට තීරණය කර ඇත.

පොලිසිය සහ හැව්ලොක්ස් සමාජය අතර තරගය තිඹිරිගස්යාය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන ක්‍රීඩාංගණයේ දී සිකුරාදා (05) සවස ද ගුවන් හමුදාව සහ සී. එච්. ඇන්ඩ් එෆ්. සී. සමාජය අතර තරගය කොළඹ හැව්ලොක් උද්‍යාන පිටියේ දී ද මහනුවර සමාජය සහ යුද හමුදාව අතර තරගය පනාගොඩ දී ද සෙනසුරාදා (06) සවස ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබුණු අතර ඉරිදා (07) සවස ශ්‍රී ලයන්ස් සමාජය සහ නාවික හමුදාව අතර තරගය ලොන්ඩන් පෙදෙසේදී ද ආරම්භ කිරීමට සැළසුම් කර තිබිණි.

කල් දමන්නට යෙදුණු මෙම තරග දෙවැනි වටය හෙවත් සුපිරි සිව් දෙනාගේ වටය ආරම්භ කිරීමට පෙර සතියේ දී ක්‍රියාත්මක කිරීමට සංවිධායක කමිටුව සැලසුම් කර තිබේ.

පසුගිය සතියේ රට තුළ පැවති අධික වර්ෂාව සහිත ආපදා තත්ත්වය මත කල් දමන්නට තීරණය කළ තෙවන සතියේ තරග නත්තල් උදාවෙන් පසුව එළඹෙන 26, 27 සහ 28 දිනවල ක්‍රියාත්මක කිරීමට ද ශ්‍රී ලංකා රග්බී පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

Scroll to Top