leadsportz

මන්දනාගේ විවාහය අවලංගුයි

තමන් සහ සංගීත නිර්මාපක – චිත්‍රපට නිෂ්පාදක පලාෂ් මුචල් අතර විවාහය අවලංගු කිරීමට තීරණය කළ බව ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා නිවේදනය කර තිබෙනවා.ඒ,ඉන්ස්ටග්‍රෑම් සටහනක් පළ කරමින්.

මන්දනාගේ උපන් ගම වන සංග්ලි හිදී පසුගිය නොවැම්බර් 23 වැනි දින ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල්‍යය පැවැත්වීමට දින නියමව තිබුණත් ඇගේ පියාට හදිසි හෘදයාබාධයක් ඇතිවීම හේතුවෙන් විවාහය කල් දැමුණු බව මීට පෙර නිවේදනය කර තිබුණා.

මන්දනාගේ පෙම්වතා වන පලාෂ් ද වෛරස් ආසාදනයක් හේතුවෙන් රෝහල් ගත කළ බවත් ඔහු එදිනම ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවත් ඉන්දීය මාධ්‍ය අනාවරණය කර තිබුණා.

කෙසේවෙතත් අනතුරුව මන්දනා සිය විවාහයට අදාළ සියලු සටහන් සහ වීඩියෝ සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඉවත් කරගැනීමත් සමග, විවාහය පිළිබද බොහෝදෙනා සැක පහළ කර තිබුණා.

එම සැකය තහවුරු කරමින්,තමන්ගේ විවාහය අවලංගු කිරීමට තීරණය කළ බවත් ,මේ අවස්ථාවේදී පවුල් දෙකෙහිම පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසත් ඇය ඉන්ටර්ග්‍රෑම් සටහනක් මගින් සදහන් කර තිබෙනවා.

කෙසේවෙතත්,ක්‍රිකට් ක්‍රීඩාව පිළිබද සිය අවධානය එලෙසින්ම පවතිනු ඇති බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා.

Scroll to Top