ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාවෝ නත්තලේ ශ්‍රී ලංකාව සමඟ හැප්පෙති
ලෝක ශූර ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල එළැඹෙන නත්තල් සමයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සමඟ විස්සයි20 ක්‍රිකට් තරගාවලියක් සැලසුම් කරයි. එහි පළමු තරගය මේ මස 21 වැනිදා විශාකාපට්නම් රාජසේකර රෙඩ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
ලබන වසරේ එංගලන්තයේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙස මේ තරගාවලිය ඉන්දීය ක්‍රිකට් ආයතනය සංවිධාන කර ඇත. අයිසීසී කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව හර්මන්ප්‍රීත් කෞර්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම දීර්ඝ නිවාඩුවකින් පසු යළි ක්‍රීඩා පිටියට පිවිසෙන පළමු අවස්ථාව මෙය වේ.
මේ මස 21 සහ 23 යන දිනවල පළමු තරග දෙක විශාකාපට්නම්හි පැවැත්වෙන අතර, 26, 28 සහ 30 යන දිනවලදී අවසන් විස්සයි20 තරග තුන සඳහා තිරුවානපුරම් ග්‍රීන්ෆීල්ඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සූදානම් කොට තිබේ.
ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම ද එළැඹෙන සතියේදී පුහුණුවීම් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචිමාර්ග පැවසීය.


