leadsportz

දේශීය ක්‍රිකට් තරග කල් යයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටුව විසින්
දේශීය ක්‍රිකට් තරගාවලි පැවැත්වීම කල්දමා ඇත.

අන්තර් සමාජ පළමු පෙළ තුන්දින තරගාවලිය ආරම්භ කිරීම සතියකින් කල් දමා ඇත. නව ආරම්භක දිනය දෙසැම්බර් 5 වන දිනට නියම කර ඇත.

ටියර් ‘බී’ තුන්දින තරගාවලියේ ලියෝ ක්‍රීඩා සමාජය සමඟ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය අතර තරගයෙන් පෙරේදා ආරම්භ වූ අන්තර් සමාජ ටියර් ‘බී’ තරගාවලිය යටතේ ඉතිරි තරග අද (28) ආරම්භ කිරීමට නියමිතව තිබුණත් එම තරගාවලියේ ඉතිරි තරග සැලසුම් කළ පරිදි සිදු නොවේ. මේ තරගාවලියේ නව ආරම්භක දිනය දෙසැම්බර් 5 වන දිනට නියම කර ඇත.

ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන අවුරුදු 15න් පහළ යූත් ලීග් පළාත් තරගාවලියේ අවසන් මහ තරගය අද (28) කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර, එම තරගය අද දින නොපැවැත්වෙන බවත්, ඉදිරියේදී නව දිනය ප්‍රකාශයට පත්කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කළේය.

Scroll to Top