දෘශ්‍යාබාධිත කාන්තා ලෝක කුසලානය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පළමු වරට සංවිධාන කළ දෘශ්‍යාබාධිත කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මංගල කිරුළ දිනා ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ ඊයේ සමත් වූහ.
කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරගයේදී නේපාලය කඩුලු 7කින් පරාජය කිරීමට ඉන්දීය පිල සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් නේපාලය කඩුලු 5ක් දැවී ලකුණු 114ක් රැස් කළ අතර, ඕවර 12කදී එම ඉලක්කය සපුරාගත් ඉන්දීය පිලට කඩුලු 3ක් අහිමි විය.
ඉන්දීය පිල වෙනුවෙන් පූලා සරෙන් පන්දු 27කින් ලකුණු 44ක් රැස් කළ අතර, සරිතා ගිම්රේ ලකුණු 38ක් රැස් කරමින් නේපාල ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූවාය. පූලා අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තාය.


