leadsportz

ඉන්දියාවේදී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට අතවර

ඉන්දියාවේ දී, එක්දින කාන්තා ලෝක කුසලානයට සහභාගි වී සිටින ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ලිංගික හිංසනයක ට ලක්ව ඇතැයි වාර්තා වේ .

එම ක්‍රීඩිකාවන් දෙදෙනා ඉන්දෝර් හි පිහිටි අවන්හලකට ගොස් ඔවුන් නැවතී සිටින හෝටලයට ආපසු යමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ පා තිබේ . එහිදී
කිසියම් පුද්ගලයෙකු විසින් ඔවුන්ව ලුහුබැඳගොස් මෙය සිදුකර ඇති බව වාර්තා වේ.

කෙසේනමුත් ඔවුන් දෙදෙනාව ලිංගික හිංසනයට ලක්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයාට භාරතීය නියා සංහිතා හි , 74 වැනි වගන්තිය (කාන්තාවකගේ නිහතමානීභාවයට අපහාස කිරීම සඳහා සාපරාධී බලය යෙදවීම) සහ 78 වැනි වගන්තිය (ලුහුබැඳීම) පැමිණිලි ගොනු කර තිබේ.උප පොලිස් පරීක්ෂක නිධි රඝුවන්ෂි පවසන පරිදි, අසල සිටි අයෙකු විත්තිකරුගේ යතුරුපැදි අංකය සටහන් කර ගැනීමට සමත් වී ඇත.

එමඟින් ඔහු ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ . ” අකීල් ඛාන් ” ලෙස හඳුනාගෙන ඇති විත්තිකරුට එරෙහිව මීට පෙර ද අපරාධ චෝදනා ඇති බව වාර්තා වේ.

Scroll to Top